එයා දැන් තරුණයි විසි පහේ කඩයිම පසුකරයි.
ආදරණිය කපුකුලට වසර විසි පහක් සපිරෙයි. වර්තමානය වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය ලෙස හඳුන්වන ආදරණීය ශ්‍රී පාලිය බිහිවීමේ සිට වර්තමානය දක්වා අතිතාවර්ජනයක් සිදු කිරීම මෙහි අරමුණයි. ඒ වෙනුවෙන් අපි අද සම්බන්ධ කරගන්නේ කොළඹ විශ්ව විද්‍යාලීය ශ්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා ය.
ආචාර්යතිමනි, ශ්‍රී පාලියේ බිහිවීම පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත්?
ඇත්තටම ශ්‍රී පාලිය බිහිවෙන්නේ මීට වසර විසිපහකට පෙර යි. මේ ශ්‍රී පාලි සංකල්පයේ නිර්මාතෘ වුණේ විල්මට් ඒ. පෙරේරා මහත්මයා යි.
කවුද මේ විල්මට් ඒ.පෙරේරා කියලා කියන්නේ ?
විල්මට් ඒ. පෙරේරා කියලා කියන්නේ ඒබ්‍රහම් පෙරේරගේ පුත්‍රයා. ඒබ්‍රහම් පෙරේරා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ රබර් රජ්ජුරුවෝ කියල හඳුන්වපු ධන කුවේරයෙක්. හොරණ වෑවල සිට කළුතර දක්වා විශාල වපසරියක රබර් අක්කර ගානක හිමිකාරයා වුණේ මේ ඒබ්‍රහම් පෙරේරා.
තරුණ විල්මල්ට් පෙරේරා
මුල් කාලයේදී අරක්කු රේන්දකරුවෙක් වුණු ඒබ්‍රහම් පෙරේරා පසුකාලීනව රබර් වගාවට එකතු වීමත් එක්ක අරක්කු විකිණීම නවත්තල දැම්මා. ධනයෙන් කිසිදු අඩුවක් තිබුනෙ නැති ඒබ්‍රහම් පෙරේරා ශ්‍රීනගර්, ස්වර්ණගිරි, කපුගුලකන්ද, හෑගල්ලවත් ආදී මනරම් ස්ථාන කේන්ද්‍ර කරගෙන විශාල නිවෙස් නිර්මාණය කලා. පසුව ආතර් වී දියස් මහත්මාගේ නැගණිය වූ ලිළියන් දියෙස් විවාහ කරගත්තා. පසුව ඒබ්‍රහම් පෙරේරාට රෙජිනා පෙරේරා හා මාග්‍රට් පෙරේරා යන ගැහැණු දරුවන් දෙදෙනා මෙන් මෙන් මෙන් ම විල්මට් පෙරේරා සහ ලෙස්ලි පෙරේරා කියන පිරිමි දරුවන් දෙදෙනා හිමි වුණා.
උපතින්ම ධනවත් පවුලක දරුවකු විදියට ඉපදුනු විල්මට් පෙරේරා හරිම සංවේදී හිතක් තියෙන කලාවට ආදරය කරපු දරුවෙක් වුණා. ඒ වගේම සමාජයේ පැවතුණු කුලභේදයට පන්ති භේදයට එරෙහිව මෙන්ම දුප්පතුන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් තමන්ගේ හඬක් නගපු තරුණයෙක් තමයි විල්මට් ඒ.පෙරේරා කියලා කියන්නේ. විල්මට් අවුරුදු (18) ක් වන විට ඒ කියන්නේ 1923 වන විට ඔහුට සිද්ධ වෙනවා තමන්ගේ දෙමාපියන් කරගෙන ආපු ව්‍යාපාර කටයුතුවල බර තමන්ගේ කරට ගන්න සිදුවුණා.
දුප්පත් ජනතාවගේ අධ්‍යාපනය නගා සිටුවන්න කුමක් හෝ පියවරක් ගන්න ඕනේ කියලා විල්මට් ඒ පෙරේරා කල්පනා කර කර ඉන්න කාලෙකදි තමයි රවින්ද්‍රනාත් තාගෝර් මහත්මයා ලංකාවට පැමිණෙන්නේ. ඔහු ආනන්ද විද්‍යාලයට පැමිණිලා එහිදී විශේෂාංගයක් ඉදිරිපත් කරනවා. ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වෙන විල්මට් ඒ පෙරේරා මෙය නරඹන්න ගිහිල්ලා තිබුණා.
පසුව මොහු 1932 වර්ෂයේ දී රවීන්ද්‍රනාත් තාගෝර මහත්මයාගේ ශාන්ති නිකේතනට යනවා. ඒ වනවිට විල්මට් ඒ. පෙරේරා විවාහකයෙක්. මෙම ඉන්දීය ගමනට ඔහුගේ බිරිඳ වූ එස්මි පෙරේරාද එකතු වුණා. ශ්‍රී ලංකාවේ කලාව පිළිබඳව හැදෑරීම් සිදුවුවත් අධ්‍යාපනික වටිනාකමක් එකතු කර ගැනීමට නම් ඉන්දියාව වැනි රටවල්වලට යාමටට සිදුවුණේ ලංකාව තුළ කලාව සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් හෝ නිකුත් නොකල නිසයි. ඒ නිසා ඉන්දියාවට ගොස් අධ්‍යාපනය සම්පූර්ණ කරන්න මෙරට කලාකරුවන්ට සිදුවුණා.
“රති මුතුවේල්“ කියලා කියන්නේ එවැනි ජ්‍යෙෂ්ඨ කලා ශිල්පියෙක්.ඉන්දියාවට ගියේ එස්මි පෙරේරාද ශාන්ති නිකේතනයෙහි තමාගේ කලා කටයුතු හැදෑරීම ආරම්භ කලා.
විල්මට් ඒ. පෙරේරා තීරණය කරනවා ලංකාවේ විශාල අඩුපාඩුවක් වෙලා තිබුණු කලා ආයතනය තමන්ගේ වියදමින් ආරම්භ කරන්න. ඒ සඳහා ඔහු තෝරා ගන්නේ හොරණ වෑවල පාරේ තිබුණු තමන්ගේ නිවස හා ඒ ආශ්‍රිත ඉඩමයි. තමන්ගෙ හිතේ ඇති වුණු මේ කලායතනයක් නිර්මාණය කිරීමේ සංකල්පය රවීන්ද්‍රනාත් තාගෝර් මහත්මයට දැනුම් දෙනවා. ඒ අනුව තමයි 1934 වර්ෂයේදී රවීන්ද්‍රනාන් තාගෝර් මහතා ශ්‍රී ලංකාවට පැමිණිලා හොරණ කපුකුල ආශ්‍රිතව ශ්‍රී පාලියට මුල් ගල්තබන්නෙ. මෙහිදී ශ්‍රීපාලි යන නාමය යෝජනා කරන්නෙත් තාගෝර මහත්මයා විසින්මයි.
“ශ්‍රී පාලී“ මොකක්ද මේ නමේ තියෙන අර්ථය?
ශ්‍රීපාලි කියන එකේ තේරුම තමයි සෞන්දය–ට අධිපති දෙවියන් කියන එක වගේම සිරිකත රජයන තැන කියන අර්ථයන් . ඒ වගේමයි ශ්‍රීපාලි මණ්ඩපය ආශ්‍රිතව මොන දේ වෙනස් වුනත් මේ නම නම් කවමදාවත් වෙනස් වෙන්නේ නැහැ. දවස් 1934 වර්ෂයේ මැයි 20 දින මේ ශ්‍රී පාලියට මුල්ගල තබනවා.
මෙහී ආරම්භයට සහයෝගය ලබා දුන්න වගේම විල්මට් ඒ. පෙරේරා මහත්මයා ශ්‍රීපාලිය පවත්වාගෙන යන්නත් උදව් උපකාර කළාද?
ඔව් නිරන්තරයෙන්ම ඔහුගේ දායකත්වය ශ්‍රීපාලියට ලැබුණා. ඒ වගේම ඔහු දේශපාලනඥයෙක් විදියටත් තමන්ගේ ජීවිතයේ විශාල පියවරක් ඉදිරියට තබපු පුද්ගලයෙක්. ක්‍ගඋගඋග කන්නංගර මහත්මයාගෙන් පසු අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රබල වෙනසක් සිදු කරපු දේශපාලනඥයෙක්. ඒවගේම ශ්‍රී ලංකාව නියෝජනය කරපු ප්‍රථම චීන තානාපතිවරයා වුනෙත් මොහුයි. ඔහු චීන කලාවට කෙතරම් ආදරේ කරාද යන්න හොඳම සාක්‍ෂියක් තමයි ශ්‍රී පාලියට පිවිසෙන විශාල ද්වාරය නිර්මාණය කරලා තියෙන්නේ චීන ආකෘතියකට වීම.
ශ්‍රීපාලිය මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලය මණ්ඩපයක් ලෙස ප්‍රසිද්ධියට පත්වන අවසන්. ඉතින් පුද්ගලයෙකුගේ පෞද්ගලික ධනයෙන් නිර්මාණය වුණු මේ සංස්කෘතික මධ්‍යස්ථානය කොහොමද කොළඹ විශ්ව විද්‍යාලයට අයත් වෙන්නේ?
වසර දහනමයක් මුළුල්ලේ තමන්ගෙ තනි පාලනයක් යටතේ පැවැති ශ්‍රීපාලිය 1953 සැප්තැම්බර් :10 දින භාරකාර මණ්ඩලයකට පවරා දෙනවා. ඒ ඔහු සතුව පැවැති අක්කර 35ක ඉඩම් කොටසකුත් සමගයි. 1996 වර්ෂයේ ජුනි 20 දින ශ්‍රී ලංකා රජයේ අතිවිශේෂ අංක 928/1 ගැසට් නිවේදනය හරහා ශ්‍රී පාලිය කොළඹ විශ්ව විද්‍යාලයේ බටහිර මණ්ඩපය ලෙස නම් කෙරුණා. පසුකාලීනව 1978 අංක 26 දරණ විශ්වවිද්‍යාලය පනතේ
27(1) වගන්ති ප්‍රකාරව මෙය කොලඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය ලෙස නම් කලා.
ශ්‍රීපාලිය තුළ අරුන්දතිය සහ ලයන් නිවස කියලා කියන්නේ සුප්‍රසිද්ධ ස්ථාන දෙකක්. එහි ස්ථානයන් පිළිබඳව මඳක් පැවසුවහොත් ?
පසුකාලීනව ඔහු සතුව පැවැති ඉඩම් කොටස යොදාගෙන “අරුන්දති ලලිතකලා මධ්‍යස්ථානය “ ආරම්භ කළා. ඉන් පසුව ඔහු අරුන්දති ශාලාවට ඉහළින් “ලයාන් නිවස“ නිර්මාණය කළා. ලයාන් නිවසේ සිට ඈත බලන විට අපට සමනළ ගිරිහිස පවා දැක ගන්නට පුළුවන්. ඔහුගේ ජීවිතයේ අගභාගය ඔහු ගත කළේ ඒ නිස්කලංක නිවසට වෙලා.
ලයාන් නිවස ඇයි ඒ නිවසට ඒ වගේ නමක් නිර්මාණය කරලා තියෙන්නේ.
ඇත්තටම ලයාන් කියන එකෙන් ඔහු අදහස් ගන්වල තියෙන්නෙ “ලයාන්විත“ කියන අර්ථය. තව පැත්තකින් බැලුවොත් අපිට හිතන්න පුළුවන් ඔහුගේ සීයාගේ නම "ලියෝන්" නිසත් මෙය භාවිතා කළා කියලා.
විල්මට් ඒ. පෙරේරා මහත්මයාගේ අවසාන කාලය ගත වුණේ කොහොමද?
ඔහු ඔහුගේ දේශපාලන ජීවිතය පිළිබඳව කලකිරීමකට පත්වෙලා හිටියා. සිංහල භාෂාවට වගේම දෙමළ භාෂාවටත් මූලිකත්වයක් ලැබෙන්න ඕනේ කියන එක පිළිබඳව ඔහු විවෘතව කතා කරපු කෙනෙක්. ඒ නිසාම දේශපාලනය තුළ ඔහුව විවේචනයට ලක් වුණා.
වගේම තමයි ඔහුට හරිම අතලොස්සක් වූ යහළුවන් පිරිසක් හිටියා. ඒ යහළුවෙහෙළියන්ගේ ආශිර්වාදය යටතේ පින් දහම් කටයුතුවල නියැලෙමින් තමන්ගේ අවසන් භාගය ඔහු ගතකළෙත් මේ ශ්‍රී පාලි භූමිය තුළමයි. ප්‍රසිද්ධ පුවත්පත්වේදී යසපාල සමරනායක තමයි ඔහුගේ අවසන් කාලවකවානුව තුළ සමීපතම මිත්‍රයා විදියට හිටියේ. ඇත්ත වශයෙන්ම යසපාල සමරනායක කියන්නෙත් ශ්‍රී පාලියේ ආදි ශිෂ්‍යයෙක්. විල්මට් ඒ පෙරේරා මිය යන්නෙ 1973 සැප්තැම්බර් (22) දින කොලඹ ජාතික රෝහලේදීයි. මොහු විල්මටේ පෙරේරාගේ මරණය පිළිබඳව දැනගත් මොහොතේ රචනා කරන ලද කවි පෙළක් තියෙනවා එය හරිම ප්‍රසිද්ධයි.
අතහිත දෙමින් දැය දියුණට වද වින්ද
හිතවත් පෙරේරා විල්මට් මැති සන්ද
අතහැර දමා පියතම කපුකුළ කන්ද
සැතපී අරුන්දතියෙහි අන්තිම නින්ද
අවසන් ගමන යන විට නියමිත තැනට
කළ වැඩ මතුගමට හොරණට දිවයිනට
කොපමණ දුරට අමතකදයි මිනිසුනට
පෙනුනා පැහැදිලිව වැටුණා දෙසවනට
යසපාල සමරනායකගේ කවි
මේ විදිහට ආරම්භ වුණු ශ්‍රීපාලයට දැනට අවුරුදු (25)ක් සපිරෙනවා නේද?
ඔව් ශ්‍රීපාලිය මේ වන විට වසර විසිපහක් සම්පූර්ණ කරනවා. මේ වෙද්දී ශ්‍රී පාලිබිමෙන් දස දහසක් කලා හා ජනමාධ්‍ය උපාධිධාරීන් බිහි කරලා තියෙනවා. ඒ වගේම ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ දක්ෂයින්, කලා ලොවේ අති දක්ශයින්, නිවේදන ක්ෂේත්‍රයේ දක්ෂයින් අපේ ශ්‍රී පාලියෙන් බිහිවෙනවා. වගේම මේ වසරේ අපිට සතුට ගෙන සාධක කිහිපයක්ම තියෙනවා. පළමු වැනි කාරණාව තමයි 25 අවුරුද්දක් සපිරෙන මේ අවුරුද්දේ ශ්‍රීපාලියේ ජනමාධ්‍ය දෙපාර්තමේන්තුව කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යන අංශය ලෙස නම් කෙරුණා. ඒක අපිට විශාල සතුටක්.
කොහොමද මේ රිදී ජුබිලිය සැමරුවේ ?
අපි මෙවර විසිපස් වසර සැමරීම සිදු වුනේ විල්මට් ඒ. පෙරේරා නාමයෙන් මුද්දරයක් නිකුත් කරමින්. ඒ වගේම තමයි ශ්‍රීපාලියේ වසර විසි පහක් මුළුල්ලේ අධ්‍යාපනය ලබා සමාජයේ විවිධ ස්තරවල සේවය කරන ආදි සිසුන්ගේ හමුවක් අපි සූදානම් කළා. ඒ වගේම ශ්‍රීපාලියට විශාල අඩුවක් වී පැවැති ආදි ශිෂ්‍ය සංගමය පිහිටවීමත් අපි ගිය සෙනසුරාදා දිනයේදී මෙම සංවත්සරයට සමගාමීව සිදුකළා.
ආදි සිසුන්
ආදරෙ අරන්
කපුකුලට...........
අපේ ආදී සිසුන්ගේ සහයෝගය මත තවදුරටත් ශ්‍රීපාලිය සංවර්ධනය කිරීමට අපිට හැකිවේවි. හෙට එනම් 2025 පෙබරවාරි (28) වන දින අරුන්දති ශාලාව තුළ අපි ශ්‍රී පාලියේ විසි පස්වන සංවත්සරය සැමරුවා. දුවා දරුවන් ඒවගේම ආචාර්යවරුන් සියලු දෙනාම මතු දිනයේ මේ සංවර්ධනයට සහභාගි වෙන්නට නියමිතයි.
ශ්‍රී පාලියේ රිදී ජුබිලියට අපිත් සුභ පැතුම් එකතු කරනවා.
බොහොම ස්තූතියි!
(සැ.යු. මෙය මා විසින් පැවරුමක් වෙනුවෙන් කල නිර්මාණයකි. අඩංගු තොරතුරු සත්‍ය වුවත් එය ආචාර්ය ප්‍රතිභා මහානම හේවා මහතාගෙ ප්‍රකාශයන් නොවන බව කරුණාවෙන් සලකන්න.)
රචනය
ගයත්‍රි වික්‍රමසිංහ
ශ්‍රීපාලි මණ්ඩපය
කොළඹ විශ්වවිද්‍යාලය



Comments
Post a Comment