යුද බිමෙන් පොතට (යුද්ධය පිළිබද රචිත ග්‍රන්ථ පිළිබද කියවීමකි.)

 ශ්‍රී ලංකා දේශපාලනය තුළ කැපී පෙනෙන දේශපාලනඥයෙකු ලෙසත් ග්‍රන්ථ කලාව තුළ විශිෂ්ට රචකයකු ලෙසත් ජේ.බී දිසානායකයන් හඳුන්වා දිය හැකියි. ඔහු විසින් විමසා බලමු- දේශපාලන මතවාද, විමසා බලමු- ආර්ථික මතවාද , සිරගත නොවූ සිතුවිලි 1 ,සිරගත නොවූ සිතුවිලි 2, විපතින් උපතක්, මා අත්සන් කළ දෝශාභියෝගය, යුද්ධය සාමය හා බලය බෙදීම වැනි ග්‍රන්ථ දේශපාලන විද්‍යාව තුළ මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ප්‍රසිද්ධියට පත් ග්‍රන්ථ කිහිපයක් වෙයි.ඒ අතරින් ජේ.බී.දිසානයකගේ යුද්ධය සාමය හා බලය බෙදීම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අතීත දේශපාලනය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඒක පුද්ගල දෘෂ්ටිකෝණයක් ඔස්සේ ලියැවී ඇති ග්‍රන්ථයක් ලෙස 

 හඳුන්වාදිය හැකිය. මෙම යුද්ධය සාමය හා බලය බෙදීම යන ග්‍රන්ථය තමන්ගේ මතය තුළ පිහිටා ලියන ලද්දක් බව කතෘවරයා විසින්ම පොතෙහි පෙරවදන තුළ සටහන් කර ඇත. සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාවේ යුධ සමය තුළ දේශපාලනික වශයෙන් සිදුවූ වෙනස් වීම්  මෙන්ම  ඒවා ශ්‍රී ලංකාවේ දේශපාලනික ආර්ථික හා සමාජීය වපසරියට  බලපෑ ආකාරය පිළිබඳව පුළුල් කියවීමක් මෙම කෘතිය තුර දැකගත හැකියි. සත්‍ය වශයෙන්ම ඇතැම් විවරණයන් තුළදී ඔහුගේ දේශපාලන දෘෂ්ටිය පෝෂණය වී ඇති බව උද්දීපනය වේ. 2009 වසරේදී ජේ.බේ දිසානායක විසින් ලියන ලද මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ එවකට පැවති තත්ත්වය සහ ඒ වන විට ලංකාවේ පැවැති දේශපාලන වටපිටාව සහ යුද්ධය පිළිබඳව ඒ වනවිට පැවැති නිගමනයන් සහ කියවීමත්ය. 

1) යුද්ධය නැවත පෑල දොරින් අපේ පැල්පත්වලට රිංගා ඇත.

මහින්ද රාජපක්ෂ ජේවීපී හා හෙළ උරුමයේ සහයෝගය ලබා ගනිමින්  2001දී ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ බලය බෙදීමට විරුද්ධව අදහස් ඉදිරිපත් කිරීම හරහාය. රනිල් වික්‍රමසිංහයන් එල්.ටී.ටී.ඊ සමඟ සාකච්ඡා නොකෙරීම පිළිබඳව ප්‍රශංසනීය අගය කිරීමක් මෙම ග්‍රන්ථය තුළ දැකගත හැකියි. 2001 වසරේදී පැවැති සටන් විරාම ගිවිසුම සහ සාම සාකච්ඡාවල ප්‍රගතිශීලි තත්ත්වයන් සහ එම ගිවිසුම් අසාර්ථක වීමට බලපෑ හේතුන් පිළිබඳව ද මෙහි විස්තර කරයි.  


2) යුද්ධයක් නැත. සාමයත් නැත. ඝාතනවල අවසානයකුත් නැත.ගැටලුවලට විසඳුමකුත් නැත.

යුද්ධයෙන් වඩාත් පීඩාවට පත් වූයේ යාපනය ප්‍රදේශයේ ජීවත් වූ දමිළ ජනයා ඇතුළු සිවිල් ජනතාවයි. මායිම් ගම්මාන වල විසූ සිංහල, මුස්ලිම් ජනතාව මෙන්ම දමිළ ජනතාවට තමන්ගේ ජීවිත වලින් පවා වන්දි ගෙවීමට සිදුවිය. 

"උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව ඉන්දියාවට පලා යමින් සිටිති. නගරවල රැකියා කල වතුකරයේ ද්‍රවිඩ තරුණයෝ නැවත වතු වලට ඇදෙති ඇදෙති. නගරවල ජීවත් වන පොහොසත් ද්‍රවිඩ ජනතාවද රට හැර යමින් සිටිති සිටිති සිටිති. ව්‍යාපාරිකයෝ ද ආයෝජකයෝ ද රට හැර යමින් සිටිති."


මෙම උපුටා දැක්වීම හරහා ජේබී දිසානායක විසින් දමිළ ජනතාව යුද්ධය හමුවේ මුහුණපෑ අසීරුතාවය සහ ඔවුන්ගේ ඉරණම විසඳුණු විවිධ ආකාරයන් දක්වා ඇත.


බලය බෙදා ගැනීමේ අරමුණින් උතුරු දකුණු සංවාදයට දැන් වසර සියයක් ඉක්මවා ඇති බවත් එය අසාර්ථක වීමෙන් මරාදෙන මැරෙන යුද්ධය ආරම්භ වී වසර තිස් දෙකක් ගත වී ඇති බවත් ඔහු පාඨකයාට දත්ත ලබා දෙමින් පැහැදිලි කරයි. මෙම යුද්ධය සමථයට පත්කිරීමට පළමු උත්සාහය ලෙස පින්පු සාකච්ඡාව හඳුන්වාදිය හැකිය එය 1985 ජූලි මස හා අගෝස්තු වන මාස වලදී සාකච්ඡාවට දෙකක් ඔස්සේ සිදුවිය. 1987 දී ඇති වූ ඉන්දුලංකා ගිවිසුමත් ශ්‍රී ලංකාවේ ඇති වූ ධාතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් මෙම යුදමය තත්ත්වය පාලනය කිරීමට ප්‍රමාණවත් නොවේ. 

අසූහත- අසූ නමය කාලවකවානුව තුළ උතුරේ සිදුවූ වැදගත් සිදුවීම් රාශියක් දැක්විය හැකිය.

 උතුරු නැගෙනහිර පළාත් තාවකාලිකව එක් කිරීම 

පළාත් සභා මැතිවරණ පැවැත්වීම

 ඊ.පී.ආර්.එල්.එෆ් පළාත් සභාවක් පත්වීම

 සන්නද්ධ කණ්ඩායම් ආයුධ භාරදීම 

දකුණේ ජේ.වී.පී භීෂණය ආරම්භ වීම 

එල්ටීටීඊ සංවිධානය ඉන්දියානු හමුදා සමඟ යුධ වැදීම 

ආර් ප්‍රේමදාස ජනාධිපතිවීම

කොටින්ට ආයුධ ලබාදීම 

ඉන්දියානු හමුදාපලවා හැරීම 

එල්ටීටීඊ සංවිධානය උතුරේ අනෙකුත් සන්නද්ධ සංවිධාන සමූල ඝාතනය කිරීම 

ප්‍රථම සාම සාකච්ඡාව බිඳගැටීමෙන් අනතුරුව ප්‍රේමදාස රජය පත්වී නැවත සාම සාකච්ඡා ආරම්භ කළේ 1989 වේ මැයි 14 වැනිදා ය. එම සාකච්ඡාව වට තුනකින් සමන්විත වුවත් එය ද අසාර්ථක විය 1990 ජූනි එකොළොස් වැනිදා ප්‍රේමදාසගේ මරණයෙන් එම සාම සාකච්ඡා සමාප්තියට ලක් විය. sriශ්‍රී ලංකාවේ මෙතෙක් පහළ වූ ජනාධිපතිවරුන්ට සාපේක්ෂව වෙනස් මතයක් දැරුවේ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායකයි. ඇය උතුරේ ප්‍රශ්න විසඳීමට අව්‍යාජ ලෙස බලය බෙදීම සිදුකරනු ඇතැයි දෙමළ ජනතාව මෙන්ම වමේ දේශපාලන පක්ෂද විශ්වාස කෙරීය. නමුත් මෙහිදී පළමුවරට සාම සාකච්ඡා ආරම්භ වුණේ 1994 දීය එම සාම සාකච්ඡා බිඳ වැටෙමින් චන්ද්‍රිකා ජනාධිපතිනියට තමන්ගේ ඇස ද අහිමි විය . 2001 දෙසැම්බර් පස් වැනිදා එජාප රජයක් පත්විය එහිදී රනිල් ප්‍රභාකරන් සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීය.  සමස්තයක් ලෙස සලකා බැලීමේදී මෙම සටන් විරාම බිඳ වැටීමට  ප්‍රබලම හේතුව බවට පත්වී ඇත්තේ ලංකාවේ රජයේ මැදිහත්වීම අවම වීමයි. සටන් විරාම ගිවිසුම්වල සදහන් වූ වරප්‍රසාදයන් සහ ලබාදීමට පොරොන්දු වූ බලයන් ලබාදීමට රජය අසමත් වීමයි. 2004 වසරේදී නෝවේ රාජ්‍ය සාමව්‍යායාමයට මැදිහත් වුවත් එමගින් ද ලංකාවේ යුධ මේ තත්ත්වය පාලනය කිරීමට නොහැකි විය. නැවතත් මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන්නේ ඒකීය රාජ්‍යයක් පමණක් පවත්වා ගනිමින් බලය බෙදීමකට පමණක් සීමා වන බව පහදා දෙමිනි. ඒ අනුව නැවතත් තීව්‍ර යුද්ධයකට මුහුණපෑමට ශ්‍රී ලංකාවට සිදුවිය. විවිධ පැනෙන සුළු ප්‍රකාශ කරමින් ආණ්ඩුවේ පාක්ෂිකයින් නිද්‍රාශීලි පිළිවෙතක යොමුවී සිටි බවත් ඒ තුළින් රටේ රණවිරුවන් සහ 

Comments

Popular posts from this blog

එයා දැන් තරුණයි විසි පහේ කඩයිම පසුකරයි.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ "සෙංකොට්ටං"